(I.E.E. Regulation) International Electrical Engineering Regulation Sinhala

 
අන්තර්ජාතික විදුලි ඉංජිනේරු නීති මාලාව
(I.E.E. Regulation)
International Electrical Engineering Regulation
 
මෙම අන්තර්ජාතික විදුලි ඉංජිනේරු නීති මාලාව පහත පරිදි දැක්විය හැක.
01.  සජීවි තත් (Live wire) සෑම විටම වහරුවල දකුණු පසට සවි කළ යුතුයි.
02.  සජීවී තත් කෙවෙන් පිටුවානකට (Socket outlets) දකුණු පසට සවි කළ යුතුයි.
03.  ලෝහ ආවරණ සහිත විදුලි උපකරණ සදහා භූගත රැහැන් (Earth wire ) සම්බන්ධ කළ යුතුයි.
04.  බෙදා හැරීමේ පුවරුවේ උප පරිපථ පිළිබද (Sub circuits) පැහැදිලිව සදහන් කළ යුතුය.
05.  එක් කාමරයක ඇති කෙවෙනි පිටුවාන් එක් තලාවකට  (Phase) සම්බන්ධ කළ යුතුය.
06.  අඩු විභවයකින් (Low voltage) ක්‍රීයා කරන සෑම උපකරණයක්ම ඒ පිළිබදව පැහැදිලිව සදහන් කළ යුතුය.
07.  උප පරිපථ එකකට වඩා ඇත්නම් ඒවා බෙදා හැරීමේ පුවරුවට සම්බන්ධ කළ යුතුය.
08.  බෙදා හැරීමේ පුවරුවේ උදාසීන රැහැන් (Neutral wire) පරිපථ පිළිවෙළකට සම්බන්ධ කළ යුතුය.
09.  ඇලුමීනියම් සන්නායක තඹ සන්නායක සමග කෙළින්ම සම්බන්ධ නොකළ යුතුයි.
10.  PVC (Polyvinyl Chloride) රැහැන් සදහා 600c ට වඩා උෂ්ණත්වයක් නොපැවැත්විය යුතුය.
11.  එල්ලා ඇති විදුලි උපකරණ වලට සුනම්‍ය රැහැන් හරහා  විදුලිය ලබා දිය යුතුය.
12.  තෙල් පුරවන ලද විදුලි උපකරණ, ගොඩනැගිලිවල සිට මීටර් 30 කට වඩා ඈතින් සවි කළ යුතුයි.
13.  නාන කාමර ඇතුළත කෙවෙහි පිටුවාන්  සවි නොකළ යුතුය. (සවි කිරීමට අවශ්‍ය නම් කෙවෙනියට වතුර ඇතුළු නොවන සේ කටයුතු කිරීමට වග බලා ගත යුතුයි.)
14.  භූගත තත් මුට්ටු සියල්ල ඊයම්වලින් පෑස්සිය යුතුයි.
15.  කෙවෙහි පිටුවාන් හෝ Telephone outlet පොළොවේ සිට 300mm ට වඩා වැඩි උසකින් සවි කළ යුතුයි.
16.  ස්ථීරව සවි කළ විදුලි උපකරණවල සිට ඒවායේ ප්‍රධාන වහරුවට දුර 2m ට වඩා අඩු විය යුතුයි.
17.  උප පරිපථවල සජීවි තත් (Live wire) විලායක හෝ සිහින් පරිපථ සහ වහරු (switch) හරහා සම්බන්ධ කළ යුතුයි.
18.  උදාසීන තතට(Neutral wire) කිසි විටෙක විලායක නොයෙදිය යුතු අතර , අවශ්‍ය නම් සජීවි තත් සමග විසන්ධි වන වහරැවක් (Two pole switch) සම්බන්ධ කළ හැකි.
19.  භූගත තත් (Earth wire) කිසි විටෙක විලායක සහ වහරු හරහා සම්බන්ධ නොකළ යුතුයි.
20.  ගෘහස්ථ විදුලි සැපයුමේදී උපරිම වෝල්ටීයතා බැස්ම (Maximum Voltage Drop) සැපයුම් වෝල්ටීයතාවයෙන් 2.5% කට වඩා අඩු විය යුතුයි.
21.  Switch, Dimmer switch, Fan Regulator  බිම සිට 1,520 mm ක් උසකින් සවි කළ යුතුයි.
22.  පාරිභෝගික ඒකකය (Consumer unit) බිම සිට 1,680 mm ක් උසකින් සවි කළ යුතුයි.
23.  විදුලි පහන් බිම සිට 2,400 mm ක් උසකින් සවි කළ යුතුයි.
24.  විදුලි පංකා බිම සිට 2,400 mm ක් උසකින් සවි කළ යුතුයි.
25.  බිත්තියේ සවිකරන පහන් අල්ලු (Wall lamps) සවි කළ යුතු අවම උස 2,290 mm ක් වේ.
26.  Exhaust Fan සවි කළ හැකි අවම උස 2,400 mm ක් වේ.
27. උදුන් පාලක වහරු (Cooker control switch )සවි කළ යුතු අවම උස 1,370 mm ක් වේ.
28.   අසළ සවි වන වහරු (Switches , Dimmer switches, Fan Regulator )සවි කළ යුතු අවම උස 1,370 mm ක් වේ.
     29. විදුලි මනුව සවි විය යුත්තේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පහසුවෙන් ළගා විය හැකි         ස්ථානයකි.
30. විදුලි ස්ථාපනයකදී  යෙදිය හැකි කුඩාතම භූගත වයරයේ හරස්කඩ ක්ෂේත්‍රඵලය 2.5mm2    වේ.
     31. අළුතින් වයර් කරන ලද නිවසක කේබල අතර පරිවරණ ප්‍රතිරෝධය අවම වශයෙන් 1M ප්‍රමාණයක තිබිය යුතුයි.
 
විදුලි පරිපථවල භාවිත වන කෙවෙහි පරිපථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
                                i.            අරිය කෙවෙහි පරිපථ (Radial Socket Outlet Circuit)
                              ii.            වලායාකාර කෙවෙහි පරිපථ (Ring Socket Outlet Circuit)





අරිය කෙවෙහි පරිපථ (Radial Socket Outlet Circuit)
මෙම අරිය පරිපථ ගොඩනැගීමේදී  විලායක පුවරුවෙන් ලබා ගත්  සජීවි සැපයුමක් , උදාසීන සැපයුමක් Plug base වලට කීරීම එක දිගට සිදු කර ගෙන යනු ලැබේ. මෙහිදී නීතිමාලාවට අනුව 5A plug base 2ක්  එක් පරිපථයකටද, 5A plug base එක්  පරිපථයක් ලෙසද සම්බන්ධ කරන අතර , එම පරිපථවලට අදාළ ධාරාවන්ට සරිලන නිවැරදි හරස්කඩ වර්ගඵලයෙන් යුත් සන්නායක මේ සදහා උපයෝගී කර ගනී.

                     

වලායාකාර කෙවෙහි පරිපථ (Ring Socket Outlet Circuit)
විදුලි රෙගුලාසිවලට අනුව වලය පරිපථයක පහත සදහන් ලක්ෂණ තිබිය යුතුමය.

වර්ග මීටර් 100 කට අඩු ඉඩ ප්‍රමාණයක් තුළ කෙවෙහි ඕනෑම සංඛ්‍යාවක් තිබිය හැකිය. මේ සදහා භාවිතා කරන කෙවෙහි ඇම්පියර් 13 හතරැස් කූරු (Square Pin) සහිත කෙවෙහි වේ. එයට යොදා ගන්නා සන්නායකයේ ප්‍රමාණය 7/0.67 mm වේ. මෙවැනි පරිපථයක් සදහා භාවිතා කරන සිහින් පරිපථ බිදිනය 30A හෝ 32 A විය යුතුය.
 

           


 

 

 

 

 

Comments

Popular posts from this blog

Motor Winding

International Electrical Engineering Regulation - (I.E.E. Regulation)